SLFP බේරා ගැනිමට පාක්ෂිකයා බුද්ධිමත් විය යුතුයි: පක්ෂය හා පාක්ෂිකයින් වෙනුවෙන් පෙනී සිටීමි- චන්ද්‍රිකා

ඔක් 15, 2019

    ශ්‍රීලනිපයේ වත්මන් නායකත්වය හේතුවෙන් පාක්ෂිකයා සහ පක්ෂය දැඩි අපහසුතාවයකට පත් වීමෙන් පක්ෂය විනාශ වීමට ඉඩ ඇති බැවින් ජනාධිපතිවරණයේදී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    වෙනත් පක්ෂයක් හා සන්ධාන ගතවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය සියයට 95ක් පමණ ආසන සංවිධායකවරුන්ගේ විරෝධයට ලක්ව ඇතියි ඇය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

    ඉතිහාසයේ ජනාධිපතිවරණ 7න් 4ක් ජය ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමත්වුවද මෙවර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකිවීම කණගාටුවට කරුණක් බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ පක්ෂයක් ලෙස ඇතමුන්ගේ පුද්ගලික උවමනාවන් වෙනුවෙන් පක්ෂය විනාශවීමට ඉඩ දිය නොහැකි බැවින් මෙම අවස්ථාවේ පක්ෂය හා පාක්ෂිකයින් වෙනුවෙන් පෙනී සිටීම තම යුතුකම බවත් ඒ වෙනුවෙන් කැපවන බවත් එම නිවේදනයෙන් හිටපු ජනපතිනිය අවධාරණය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 15 ඔක්තෝබර් 2019 20:01

    Latest News