රාජපක්ෂවරුන් ළඟ වැටුනු ශ්‍රීලනිපයේ අවසානය ඊයේ දැක ගත්තා - සමන්ත විද්‍යාරත්න

ඔක් 11, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය ඊයේ දැකගත් බව ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි.

    පාරම්පරික දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනඑන මං නැතිව රාජපක්ෂවරු ලඟ දණ ගසා සියදිවි නසාගත් බව ඔහු තවදුරටත් කියා සිටියේය.

    ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා...

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය ඊයේ අපි දැක්කා..තිබුනේ පාරමිපරික දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක්නේ.යනඑන මං නැතිවුණා.ශක්තිය නැතිවුණා..අන්තිමට රාජපක්ෂවරු ගාව දණ ගැහුවා..ඒක සියදිවි නසාගැනීමක්..මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන්ගේ ස්වභාවය අපි දන්නවා..වැඩගන්නවා පයින් ගහනවා.ඒක සොයිසට වුණා..ඒක එස්.බී.ට වුණා..ඒක ජගත් පුෂ්පකුමාරට වුණා..ඒක ලක්ෂ්මන් යාපට වුණා..ඒම මහඇමතිලට වෙයි..ඩිලාන්ලට වෙයි..තවත් කට්ටියකට වෙයි..වැඩගන්නවා රොඩුවගේ පැත්තකට දානවා..ඉතින් ඒ වගේ තමයි මේ රටේ දේශපාලනය..අපිට පේනවා මේ මැතිවරණයේ දී අනාත වෙච්ච කට්ටියක් ඉන්නවා..ස්ථානෙ හොයාගන්න බැරුව..සමහරුන්ට ඕන රටේ ප්‍රතිපත්ති නෙවෙයි..රට හදන්න නෙවෙයි..ජනතාව ගැන කල්පනාවක් නෑ..ඊළඟට පාර්ලිමේන්තුවට යන්න පාරවල් හොයනවා..අතරමන් වෙච්ච කට්ටිය අඩගහල අහනකොට ඒ පැත්තට එල්ලෙනවා..රතන හාමුදරුවන්ගේ ඉදන් සමහරු අපිට පේනවා අනාථ වෙච්චකට්ටිය කොහෙහරි ගොඩවෙලා පාර්ලිමේන්තුවට යන්න බලනවා..ප්‍රතිපත්ති පැත්තකට දානවා..ඉතින් අපි දැක්කා පසුගිය කාලේ ප්‍රතිපත්ති කියලා මේ රටේ සාකච්ජා කළා..වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් ඕන කියලා කිව්වා..මේ රටේ වංචාව දූෂණය නවත්තන්න ඕන කිව්වා..මේ රටට යහපාලනය ඕන කිව්වා..අන්තිමට මේ කට්ටිය ඔක්කොම ගිහිල්ලා ලගින්නේ වස විෂ තියෙන තැනක..සොරකමගාව ගිහිල්ලා නැවතිලා තියෙන්නේ..යහපාලන නෙවෙයි මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය කීතු කීතු කරලා දාපු..මාධ්‍ය ගිනිබත් කරපු..මිනිස්සු ගාව නැවතිලා තියෙන්නේ..ඉතින් කොතන ද යහපාලනයක්..අපි තේරුම් ගන්න ඕන මේ රටේ ජනතාව..මේ වගේ අවස්ථාවක මිනිසුස් තේරුම් ගන්න පුළුවන්..කවුද හරි කියලා තේරුම් ගන්න පුළුවන්..මොනවගේ හැඩේකටද මේ රට ගේන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්..අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ සියලු ආටක නාටක බලාගෙන ඉදලා සත්‍ය තේරුම් අරගෙන නිවැරදි දිශාවකට ගමන් කරන දිශානතිය පෙන්වන මාලිමාවක් සොයාගෙන එන්න කියලයි අපි රටේ ජනතාවට කියන්නේ.” යැයි ප්‍රකාශ කළේය.

    Latest News