ගෝඨාභය - ශ්‍රීලනිපය අතර අද අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි (වීඩියෝ)

ඔක් 19, 2019

    ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි.

    ඒ නිමිත්තෙන් වූ නිල උත්සවය පැවැත්වුණේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීයී.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතායි.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 20:02

    Latest News