update- ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුම අත්සන් තබයි

ඔක් 10, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම පක්ෂ දෙකේ මහලේකම්වරු විසින් අත්සන් තැබීම සිදුකෙරිණ. 

    ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. පක්ෂ දෙක අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුනේ ඉදිරි ජනාධිපතිවරණයට අදාළවයි.

     

    ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ අද අවබෝධතා ගිවිසුමකට..(පෙ.ව7.10)

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කිරීමට නියමිතයි.  ඒ පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී. ඉදිරි ජනාධිපතිවරණයට අදාලව පක්ෂ දෙක අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබෙනු ඇති.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම ද ප්‍රමුඛතම අරමුණක් කර ගනිමින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන බවයි, ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේ. දැනට රට තුල ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී රාමුව හා ජාතික සමගිය සම්බන්ධයෙන් මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව ක්‍රියාත්මක වී සිටින බව ද ඔහු කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 10:56

    Latest News