ශ්‍රී.ල.නි.ප. නටවන්න කාටවත් ඉඩ නැහැ; වීර කුමාර (වීඩියෝ)

ඔක් 16, 2019

    ජනාධිපතිවරණයේ දී, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදීමට තීරණය කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා කිරීමට වඩා, රට සුරැකීමේ අරමුණෙන් බව, එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ වීර කුමාර දිසානායක මහතා....

    “අපි අභියෝග තියෙනවා කියලා දැනගෙන තමයි මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වුණේ. කාටවත් අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බෙදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩන්න, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැබලි කරන්න දෙන්න අපි සූදානම් නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ ඡන්ද ව්‍යාපාරයේ දී කවුරුහරි කල්පනා කරනවානම් සූදුවක් බවට පත් කරන්න. පක්‍ෂය, ඒකට අපි ඉඩ තියනනේ නැහැ. කාටවත් ඕන විධියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නටවන්න ඉඩ තියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පැහැදිලි, ස්ථිර තීරණයක් අරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහය දෙන්න. ඒ තීරණය ගත්තේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරකිනවා කියන අර්ථයෙන් නෙමෙයි. රට සුරකිනවා කියන අර්ථයෙන්“ යැයි වීර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 20:12

    Latest News