ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්..පාක්ෂිකයිනුත් අමතක වී නෑ...පා.ම දුමින්ද

ඔක් 21, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සහ පාක්ෂිකයන් අමතකවීමක්, අපහසුතාවට පක්විමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති මහබෙල්ලන්කඩවල ග්‍රාමයේ පැවති ජනහමුවක් අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.....

    "පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගත්තා ඡන්ද ලක්ෂ 50 ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජන්ද ලක්ෂ 17 ක් ලබා ගත්තා.මේ ඡන්දේදි ලක්ෂ 50 ක් තිබූ පමණින් දිනන්න පුළුවන්කමක් නෑ.

    ඔබතුමන්ලා දන්නවා අපි පහුගිය කාළයේත් අපි ගහගත්තා, බැණ ගත්තා, රණ්ඩු වුණා, මතවාදීව හැප්පුණා. පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ගම්වල නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඇති වුණා. ඒ නිසා තාමත් සමහරු කථා කරන්නෙ නැතිව ඇති, මූණ බලන්නේ නැතිව ඇති පහුගිය තරහා මරහා තාම හිත් වල තියෙනවා. ගමේ සමහරුන්ට නොතේරුණාට, මේක දන්න ඉහළ කණ්ඩායම දන්නවා 50 ට 17 ත් එකතු වුණොත් තමයි 67 වෙන්නේ කියලා. සමහර ගමේ අයට ඒක තේරෙන්නේ නෑ,ඒ අයට තියෙන්නේ තරහා, ලොකු කම. හැබැයි අපේක්ෂකයා දන්නවා, ඉහළ අය දන්නවා 50 යි 17 යි එකතු වුණාමයි 67 වෙන්නේ කියලා. බැරි වෙලා හරි මේ ලක්ෂ 17 නිහඬව හිටියා නම්, අපි වෙන අපේක්ෂකයෙකුට උදව් කළා නම් දිනන්න බෑ කියලා ඒ දැනගන්න ඕන කට්ටිය දන්නවා.

    ඒ වගේම පහුගිය කාළයේ දුමින්ද දිසානායක යූ.එන්.පී යනවා කියලා හැම තැනම කිව්වා, හැමෝම බලන් හිටියා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සමහර අය මාව යවා ගන්නත් දැඟලුවා. මාව යවා ගත්තා නම් ඒ ගොල්ලන්ට තනියම ඉන්න පුලුවන්කම තියෙනවානේ. හැබැයි දුමින්ද හැමදාමත් හිටගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක වගේම පක්ෂයේ මතවාදයත් එක්කයි. අපි මෛත්‍රීපාල මහත්තයාව 2015 දී ජනාධිපති කරවන්න තීන්දු කලේ එතුමා අපේ පළාතේ මනුස්සයෙක් නිසයි.

    වෙන වෙන පළාත් වල මිනිස්සුන්ට තමන්ගේ පළාතේ මිනිස්සු පිළිබඳව ආඩම්බරයක් තියෙනවා. වගේම එදා දුමින්දට ඕනකමක් තිබුණා. උතුරු මැද පළාතෙන් ජනාධිපති කෙනෙක් පත් කර ගන්න. අපි ඒ වැඩෙත් කර ගත්තා ජනවාරී මාසේ 08 වැනිදා, දවස් දෙකක් යන්නත් කලින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකමත් අපි ලබා ගත්තා. ඒ කරපු වැඩේ වැරදියි කියලා සමහරු දැක්කාට දුමින්ද එදා කලෙත් හරි දේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරම් නොකර අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයත් ලබා ගත්තා. දැන් දුමින්ද කරන්නෙත් ඒ ටිකම තමා..." යැයි ඔහු කියා සිටියේය.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 10:31

    Latest News