SLFP අත්තනගල්ල ආසනය ලසන්ත අලගියවන්නට

ජන 17, 2020

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල වැඩ බලන ආසන සංවිධායක ධුරයට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත්කර තිබේ.

      ඊයේ රාත්‍රි පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දි මෙම තීරණය ගත් බව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවේදි පැවසිය.

    හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයේ සිටි අතර පක්ෂයේ තින්දුවට පිටින් ක්‍රියා කිරිම හේතුවෙන් ඇයව ඉන් ඉවත් කෙරිණ.

    රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස කටයුතු කළේය.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 13:09

    Latest News