හිටපු ජනපතිනි චන්ද්‍රිකාව SLFP අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් නෙරපයි (වීඩියෝ)

ජන 17, 2020
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කර තිබේ.

    පක්ෂයේ මතයට පරිබාහිරව කටයුතු කිරීමට එරෙහිවීම යන හේතුව මත ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කළ බව අද පැවැති මාධ්‍ය හමුවේදි පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

    ඊයේ රාත්‍රි පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබේ. පක්ෂ සමාජිකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව දායාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 17 ජනවාරි 2020 20:34

    Latest News