මානව හිතවාදී වැඩකරන වෘත්තීක පරම්පරාවක් වෙනුවෙන් පෙනී සිටිනවා

මැයි 01, 2020

    1956 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ කම්කරු අයිතීන් තහවුරු කිරීමට මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෝක කම්කරු දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    “කොවිඩ් 19“ වසංගත තත්වය හමුවේ, නිදහස් අධ්‍යාපනයේ දරුවන් ලෙස වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලය සිදු කරන විශිෂ්ට මෙහෙයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය ප්‍රණාමය පුද කරයි.

    මානව හිතවාදී වැඩකරන වෘත්තීක පරම්පරාවක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය නිරන්තරයෙන් පෙනී සිටින බව එම පක්‍ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Latest News