නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ අතර සාකච්ජාවක්

පෙබ 19, 2020

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ජාවක් ඊයේ පැවැත්විණ.

    ඒ අරලියගහ මන්දිරයේදී. මෙම සාකච්ජාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නව සන්ධානයේ මහලේකම් බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හා සන්ධානයේ අනෙකුත් පක්ෂ නියෝජිතයින් එක්ව සිටියේය. එහිදී සාකච්ජා කෙරුණේ, ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන ආකාරය සම්බන්ධවයි. අපේක්ෂකයන් තෝරාගැනීම, නාම යෝජනා කමිටුවක් මගින් සිදු කිරීමටත්, එය කඩිනම් කිරීමටත්, අවධානය යොමු විය.

    එසේම උතුරු නැගෙනහිර පළාත්වල සන්ධානය නියෝජනය කරන පක්ෂ වෙනම තරග කිරීම පිළිබඳවත් සාකච්ජා වී තිබෙන බවයි වාර්තා වන්නේ. මහමැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ලෙස පොහොට්ටුව යොදා ගැනීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ජාවේ දී එකඟතාවයකට පැමිණ තිබේ.

    Last modified on බදාදා, 19 පෙබරවාරි 2020 10:10

    Latest News