විධායක ජනාධිපති ධූරය අහෝසි නොකර බලතල සීමා කිරීමට පමණක් ශ්‍රීලනිප සහය

අප්‍රේ 27, 2022

    විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි නොකර එහි බලතල සීමා කිරීමට පමණක් සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

    එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව වාර්තා වෙයි.

    ඊට අදාළ යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා විසින්. විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කළහොත් රට තුළ යළිත් බෙදුම්වාදයක් උද්ගතව වාර්ගික අර්බුදයකට අවස්ථාව උදාවිය හැකියි.

    මධ්‍යම කාරක සභාවේ පොදු මතය වූයේ ඒකීය ශ්‍රී ලංකාවක් සංකල්පය රැකගැනීම සදහා අත්‍යවශ්‍ය බලතල ජනාධිපතිවරයාට ලැබෙන බවට සහතික විය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් පක්ෂයේ සහයෝගය ලබාදිය හැකි බවයි.

    විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ඇතැම් පක්ෂ යෝජනා කරන්නේ ඩයස්පෝරාවේ මතයට අනූව බව ද ජනතාව චෝදනා කරන බව ද මධ්‍යම කාරක සභිකයින් පෙන්වා දෙයි.

    Last modified on බදාදා, 27 අප්‍රේල් 2022 13:25

    Latest News