ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් තිදෙනෙකු තනතුරුවලින් ඉවත්කිරීමට එහි විධායක සභාව විසින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පාරේ පිහිටි පෞද්ගලික හෝටලයකදී හෙට (03) පැවැත්වෙනවා.

රජයට එක් වූ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව, මින් ඉදිරියට විනය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් පිරිසක් රජයේ අමාත්‍ය ධුර ලබා ගෙන ඇත්තේ, පක්ෂයේ අනුමැතියකින් තොරව බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ (02) පැවැත්වුණා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීමේ දී එම පක්ෂයේ සභාපති ධුරයට අදාළව සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධන සම්මත කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉදිරිපත්වු පෙත්සමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා.

දේශපාලන වාසි ගැන නොසිතා කෙටි කලකට සියලු පක්ෂ එකට එක්ව ක්‍රියා කළ යුතු බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර තිබෙන වාරණ නියෝගය මේ මස 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 අතර සාකච්ඡාවක් අද (16) උදෑසන 10.00ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Latest News