ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය...

සැප් 03, 2022

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ (02) පැවැත්වුණා.

    ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල ‍සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, මහරගම තරුණසේවා සභා ශ්‍රවණාගාරයේදී.  උත්සවය ආරම්භයට ‍පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වූණා. පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ව්‍යාවස්ථා සංශෝධන යෝජනා සභාවට ඉදිරිපත් කළා. අනතුරුව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් සමස්ත ලංකා කාරක සභාවේ මතය විමසා සිටියා. පසුගිය පළමු වැනිදා නව ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කළ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් අද ඊට විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීම විශේෂත්වයක්.

    Latest News