ජ්‍යේෂ්ඨයින් තිදෙනෙක් නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවතට

මාර් 30, 2024


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් තිදෙනෙකු තනතුරුවලින් ඉවත්කිරීමට එහි විධායක සභාව විසින් තීරණය කර තිබෙනවා.

    ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාත්, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න මහතා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව ඉවත් කර තිබෙනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News