රජයට එක් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 6 ට එරෙහිව, විනය ක්‍රියාමාර්ග නෑ

ජූනි 12, 2023

    රජයට එක් වූ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව, මින් ඉදිරියට විනය ක්‍රියාමාර්ග ගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

     ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම දේශපාලන මණ්ඩලයට හා මධ්‍යම කාරක සභාවට පවරා තිබෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතා, අදාළ මන්ත්‍රීවරුන්ට යැවූ ලිපියක මේ බව සඳහන්. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ට හා ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය , කාදර් මස්තාන්, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් යන රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිවයි පරීක්ෂණ සිදු කෙරුණේ. කෙසේ වුවද එම පරීක්ෂණ තවදුරටත් නොකරන බව, ලිපියේ සඳහන්. මෙම තීරණය, පසුගිය 5 වැනිදා රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව අනුමත කර තිබෙනවා.

    Latest News