ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස සාරානාත්හි බෞද්ධ සිද්ධස්ථානය සහ ඓතිහාසික ස්ථානවල සංචාරයකට ඊයේ එක්විය.

මෙරට නිල සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් සෆර් මහමුද් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවිය සාකච්ජාවක නිරත විය. අනතුරුව මහමුද් මහතා, ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපතිවරුන් ද හමුවිය. 

ආර්ථිකය පුනර්ජීවනය කිරීම යටතේ බදු සහන ඇතුළත් දේශීය ආදායම් පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවේ.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70 වැනි සංවත්සර උත්සවය අද (13) පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) කුරුණෑගල බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගනී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) කැළණිය, මානෙල්වත්ත විහාරයට ගොස් අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේවෙල සාරද නා හිමියන්ගේ දේහයට අවසන් ‍ගෞරව දැක්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියට පැමිණ අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉදිකෙරෙන බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ කතරගම පූජා භූමිය වෙත පැමිණියේය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ආයෝජකයන්ට අද (07) විවෘත කෙරිණ.

Latest News