අගමැති අනුරාධපුරේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනී (වීඩියෝ)

දෙසැ 28, 2019
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(28) පෙරවරුවේ අනුරාධපුර පූජා භූමියට පැමිණ අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

    අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල යෙදී ආශීර්වාද ලබා ගත් අතර පසුව රුවන්වැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

    අග්‍රාමාත්‍ය වරයා පසුව රුවන්වැලි සෑය අබියස ආගමික වතාවත් වතාවත් වල නිරත විය.

    අනතුරුව මිරිසවැටිය විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මිරිසවැටිය චෛත්‍යරාමාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර පසුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගොස් විහාරාධිපති නුගේතැන්නේ ඤාණානන්ද හිමියන්ගෙන් ද ආශිර්වාද ලබා ගත්තේය.

    එස්. බී. දිසානායක, දුමින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන යන අමාත්‍ය වරුන්ද රාජ්‍ය අමාත්‍ය ‍‍ෂෙහා‍න් සේමසිංහ මහතා සහ උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් යන අමාත්‍යවරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 20:21

    Latest News