ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙස අගමැතිගෙන් උපදෙස් (වීඩියෝ)

දෙසැ 25, 2019
  • රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉදිකෙරෙන බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

    නිවාස සංකීර්ණය ලබන වසරේ මාර්තු මාසයේ දි ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.

    පසුගිය රජය සමයේ දී මෙහි ඉදිකිරීම් වසර එකහමාරක කාලෙකින් ප්‍රමාදය වී තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙහි ඉදිකිරීම් කඩිනම් කරන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ. රාජ්‍ය සේවකයින් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය 2014 වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කරනු ලැබුවේ, වත්මන් ජනාධිපති, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. 2015 වසරේදී මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් නතර කෙරුණු අතර, නැවතත් මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2016 වර්ෂයේ දීය. නිදන කාමර තුනකින් සමන්විත නිවාස 304කින් හා නිදන කාමර දෙකකින් සමන්විත නිවාස 304කින් මෙම නිවාස සංකීර්ණය සමන්විතයි. තට්ටු 25කින් යුත් නිවාස සංකීර්ණය රථගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායාම මධ්‍යස්ථාන දෙකක්, වෙළෙඳ සංකීර්ණයක්, පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි. ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන හයකි. පෙර විකුණුම් පදනම මත ඉදිකිරීම් ආරම්භ කළ මෙම නිවාස සංකීර්ණයේ නිවාස සියල්ලම මේ වන විට විකිණී අවසන්ව තිබේ.

    Last modified on බදාදා, 25 දෙසැම්බර් 2019 19:56

    Latest News