අගමැති මහින්ද කිරි වෙහෙර වැඳපුදා ගනී

දෙසැ 14, 2019

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ කතරගම පූජා භූමිය වෙත පැමිණියේය.

    ප්‍රථමයෙන් කිරිවෙහෙර විහාරය වෙත ගිය අගමැතිතුමා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව කිරිවෙහෙර චෛත්‍ය වැඳ ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවේ දී කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් කිරිවෙහෙර චෛත්‍යය අබියස දී සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කළේය.

    ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අෂ්ඨඵල බෝධිය වැඳ ආශිර්වාද ලබා ගත්තේය.


    පසුව රුහුණු කතරගම මහා දේවාලය වෙත ගිය අගමැතිතුම ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. ඉන් පසු අභිනවාරාම විහාරය වෙත ගිය අගමැතිතුමා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාවේ කතරගම පූජා භූමිය වෙත පැමිණ සිටි බැතිමතුන්ගේ සුව දුක් විමසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමතක නොකළේය.

    මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන යන මහත්වරුන් ද එක් විය.

    Latest News