අගමැති - අතිපූජ්‍ය සාරද නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වයි

ජන 04, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) කැළණිය, මානෙල්වත්ත විහාරයට ගොස් අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ අනුනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේවෙල සාරද නා හිමියන්ගේ දේහයට අවසන් ‍ගෞරව දැක්වීය.

    අතිපූජ්‍ය ආචාර්ය පල්ලේවෙල සාරද නා හිමිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිධූරය හොබවා ඇති අතර කැළණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති, බණ්ඩාරවෙල දකුණු කැබිල්ලේවෙල ශ්‍රී සුධර්මෝදය මහා පරිවේනාධිපති වශයෙන් කටයුතු කර ඇත.

    pm-mane--00.jpg

    pm-mane--02.jpg

    pm-mane--01.jpg

    pm-mane--03.jpg

    pm-mane--04.jpg

    pm-mane--05.jpg

    ඉන් අනතුරුව කැළණිය රජමහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමා විහාරාධිපති අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ සුවදුක් විමසා බැලූ අතර මේ මස 08 සහ 09 දෙදින පැවැත්වීමට නියමිත කැළණිය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳව ද ‍‍සාකච්ඡා කළේය.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 18:42

    Latest News