අගමැතිතුමා කුරුණෑගල බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගනී (වීඩියෝ)

ජන 04, 2020
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) කුරුණෑගල බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගනී.

    අගමැතිතුමා ප්‍රථමයෙන් දෙමටළුව පුරාණ පොත්ගුල් විහාරය වෙත ගොස් වයඹ පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක, දික්වැහැර දෙමටළුව උභය විහාරාධිපති අතිපූජ්‍ය රැකව ශ්‍රී ජිනරතන නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    ඉන් අනතුරුව කුරුණැගල බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙන් මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති අතිපූජ්‍ය ගල්නෑවේ ධම්මරතන නා අද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

    මෙහිදි විහාරස්ථානයට රැස්ව සිටි ජනතාවගේ සුවදුක් විමසීමටද අග්‍රාමාත්‍යතුමා අමතක නොකළේය.
    මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් යන මහත්වරුද සහභාගි වූහ.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:12

    Latest News