බද්දේගම පොලිස් වසමේ ඇත්කඳුර ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධයට අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බද්දේගම පොලිසිය විසින්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 33 හා 41 යන වයස්වල පසුවන බටපොල හා ඇත්කඳුර ප්රදේශවල පදිංචිකරුවන්ය.
බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.