තර්ස්ටන් විද්‍යාලයේ 70 වැනි සංවත්සරය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

ජන 13, 2020
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 70 වැනි සංවත්සර උත්සවය අද (13) පැවැත්විණ.

    ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද පෙරවරුවේ විද්‍යාලයට ගිය අග්‍රාමාත්‍යවරයා, වැඩබලන විදුහල්පති කේ.වී.ඒ. ලක්‍ෂමන් ඩයස් මහතා සහ සිසුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. අනතුරුව විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ නා පැළයක් රෝපණය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 19:48

    Latest News