පකිස්තාන නාවික හමුදාපති - අගමැති හමුවෙයි

ජන 29, 2020

    මෙරට නිල සංචාරයක නිරත පකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් සෆර් මහමුද් මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශවිය සාකච්ජාවක නිරත විය. අනතුරුව මහමුද් මහතා, ආරක්‍ෂක ලේකම්, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපතිවරුන් ද හමුවිය. 

    යුධ සහ ගුවන් හමුදා මූලස්ථානයන්හීදී පකිස්තානු නාවික හමුදාධිපති විශේෂ සම්මාන මුරයන් මගින් සම්ප්‍රධානුකූලව පිළිගනු ලැබීය. මෙහිදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ඔවුන් සාකච්ඡා කළේය. හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවන් ද සිදු විය.

    thumbnail 1

    thumbnail

    thumbnail 2

     

    Last modified on බදාදා, 29 ජනවාරි 2020 16:50

    Latest News