මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධීව එක් රැස් කර ගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (14) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (04) කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදා ගත්තේය.

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය කර අවසන් කිරීම දැනුම් දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයෝ ඊයේ (31) දින පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයර් එම්. එච්. ඩර් සයිඩ් අද උදෑසන අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය.

නව රජය යටතේ, ශ්‍රී ලංකාව සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට සූදානම් බව, එක්සත් රාජධානිය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙසින් වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර ගැණින.

යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි වයඹ පළාතේ ගොවිබිම් හෙක්ටයාර් 12500ක් පෝෂණය කෙරෙන වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.22 දින උපදෙස් ලබා දුන්නේය.

මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2014 වර්ෂයේ ආරම්භ කිරීමට යෙදුණු මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබිණි.

කුරුණෑගල මොරගොල්ලාගම, සියඹලන්ගමුව වැව් තාවුල්ලේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැති ජනතා හමුවේදී යෝජිත වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට අදාළ ව්‍යාපෘති වාර්තාව, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අශෝක පෙරේරා මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට පිළිගන්වන ලදී. ඊට සමගාමීව සියඹලන්ගමුව සපිරි ධීවර සමිතියේ ජනතාව අග්‍රාමාත්‍යවරයාට යෝජනාවලියක් ඉදිරිපත් කළහ.

වයඹ පළාත් ඇල ව්‍යාපෘතිය ඔස්සේ ප්‍රදේශයේ කුඩා වැව් 350ක් සහ මහ වැව් 8ක් පෝෂණය කිරීමට නියමිතව ඇති අතර, හක්වටුණා ජලාශය යටතේ හෙක්ටයාර් 2500ක්, මී ඔය ජලාධාර පද්ධතියේ හෙක්ටයාර් 3500ක් ඇතුළුව මුළු ගොවිබිම් හෙක්ටයාර් 12500ක් අස්වැද්දීමට නියමිතය.

ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීම ඔස්සේ මෙතෙක් මහ කන්නයට පමණක් සීමා වී තිබූ වගා කටයුතු යල මහ කන්න දෙකම වගා කළ හැකි පරිදි ජලය බෙදා හැරීම සිදුවේ. උග්‍ර පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදීමෙන් වකුගඩු ගැටලුවට පිළියමක් ලැබීම, නව රැකියා උත්පාදනය, අලි-මිනිස් ගැටුම අවම කිරීම ඇතුළු ව්‍යාපෘති වාසි රැසක් මෙම වයඹ පළාත් ඇල ව්‍යාපෘතියට ඇතුළත්ය.

මෙම අවස්ථාවට හිරියාගල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තිහව ගස්සන් දළුපොත හා නාගොල්ල රජමහාවිහාරවල උභය විහාරාධිපති ගනේගොඩ රතනජෝති නාහිමි, මැදගොඩ අභයතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි අසංග නවරත්න මහතා, උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම් රංජිත් මහතා, ප්‍රාදේශිය දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

ජනතා ගැටලුවලට විසඳුම් දෙමින් කුරුණෑගල සංවර්ධනයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් උපදෙස් ලැබිණ.

යාපහුව, පඩුවස්නුවර සහ කුරුණෑගල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධන කිරීමට අදාළ උපදෙස් සංචාරක අමාත්‍යවරයාට ‍යොමුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.08.22 දින පැවැසීය.

කුරුණෑගල මොරගොල්ලාගම, සියඹලන්ගමුව වැව් තාවුල්ලේ පැවැති ජනතා හමුවේදී යොමුවූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය ක‍‍ළේය. මහව,පොල්පිතිගම අධ්‍යාපන කලාප‍යේ පාසල්වල පවතින භෞතික ගැටලු කඩිනමින් සොයාබලා ඊට විසඳුම් ලබා ‍දෙන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාට අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

කුඹුක්කඩවල මාර්ගය සහ අලි මිනිස් ගැටුමෙන් පීඩාවිදින තලාගල ගම්මානයට වැටී තිබෙන මාර්ගය ඉතා කඩිමින් සංවර්ධනය කර දෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, විදුලිය නොමැති ප්‍රදේශවලට විදුලිය ලබාදීමටත්, ඉඩම් ගැටලු විසදමින් සියඹලන්ගමුව රෝහල ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට එක්ව සිටි හිරියාගල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තිහව ගස්සන් දළුපොත හා නාගොල්ල රජමහාවිහාරවල උභය විහාරාධිපති ගනේගොඩ රතනජෝති නාහිමි පැවිදි අනුශාසනාවක් පැවැත්වූහ.

එක්සත් ජාතික පක්ෂය විජාතික අවශ්‍යතා අනුව කටයුතු කරන විට ඉන් පිටතට පැමිණි ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමා සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ බව සිහිපත් කළ රතනජෝති නාහිමියෝ, අනතුරුව සිරිමා‍වෝ බණ්ඩාරනායක මැතිනියගේ වැඩපිළිවෙළට ඇයගේ දරුවන්ගෙන්ම සහයක් නොලැබෙනවිට එදා බෙලිඅත්තෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වූ බව සිහිපත් කළහ.

88/89 කාලයේ එවකට පැවැති රජය වාමාංශික දේශපාලඥයන් ඝාතනය කරන විට ඊට විරුද්ධව හඩක් නැගූ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පාගමන්වල යෙදී අරගලකොට ජනතාවට නායකත්වය සැපයූ බව නාහිමියෝ පැවසූහ.

රටේ ජනතාව යුද්ධය අවසන් කර ‍දෙන්නැයි ඉල්ලා සිටිනවිට තමන්ගේ සොහොයුරා ආරක්ෂක ලේකම්ධූරයට පත්කරගනිමින් යුද්ධය ජයග්‍රහණය කරවීමට එවකට ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගත් බව සිහිපත් කළ රතනජෝති නාහිමියෝ උතුරු හා නැගෙනහිර ඇතුළු මුළු රටම සංවර්ධන‍යේ මාවතට ගෙන ඒමට හැකි වූයේ එම නායකත්වය යට‍තේ බව කියා සිටියහ.

චන්ද්‍රිකා, රනිල්, චම්පික, මංගල, රාජිත විදේශ බලවේගවලට එක්වී ශ්‍රිලනිප ‍ලේකම් සිංගප්පූරුවට ගෙන‍ ගොස් සාකච්ඡා කොට පක්ෂ‍යෙන් ඉවත්කොට එජාපය පැත්තට ගත් බවත් එදා පැරදී මැදමුලනට ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත රටේ නායකත්වයට පැමිණෙන්නැයි ජනතාව ඉල්ලා සිටි බවත් නාහිමියෝ කීහ.

ජනතාව එවැනි ඉල්ලීමක් කරන කාලයේ රාජිතලා පැවැසූවේ රාජපක්ෂලාව පාරක් පාරක් ගානේ ඇවිද්දවන්න උවමනා යැයි කියලා බව සිහිකළ රතන‍ජෝති නාහිමි‍යෝ ජනතාව ඊට ඉඩ ‍නොදුන් බව පැවැසූහ. යහපාලන ආණ්ඩු සමයේ හම්බන්තොට වරාය විකුණා දැමු බවත් මත්තල ගුවන්‍තොටුපළට වී ගිහිං දමා ගුවන්තොටුපළ අවතක්සේරු කළ බවක්, එෆ්.සී.අයි.ඩී හදලා රාජපක්ෂවරුන් ‍දේශපාලන‍යෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටියදී ජනාධිපතිවරණය පැමිණි බව කීහ.

මේ වෙලා‍වේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ජනතාව ඉල්ලුවේ රටට හොද නායක‍යෙක් ‍දෙන්න කියලා, එතුමා තමන්‍ ගෙ මල්ලිට කතා කරලා ‍මේ රට භාර ගන්න කිව්වා, ඒ සඳහා ර‍ටේ 69 ලක්ෂයක් වන බහුතර ජනතාවට මනාපය පල කළා, පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ 5කට අධික මනාප ලබාදී මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව විසින් ජයග්‍රහණය කරවුවා, ඒ වගේම රටේම ජනතාව එක්වී මහින්ද රාජපක්ෂ මැතිතුමා රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරාගත්තා. ඔබතුමා ඉල්ලපු බලය ජනතාව ඔබතුමන්ලාට ලබා දී තිබෙනවා. දැන් ඔබ තුමන්ලා රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න යැයි හිරියාගල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක තිහව ගස්සන් දළුපොත හා නාගොල්ල රජමහාවිහාරවල උභය විහාරාධිපති ගනේගොඩ රතනජෝති නාහිමි ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතා, ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

නව රජයේ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අදත් වැඩභාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ බාර ගත්තේය.

Latest News