බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam ) සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් (Mohammad Hazrat AliKhan ) යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විජේරාම නිවසේදී ඊයේ (02) හමුවිය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශීය සමාගමකට පැවරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමාජීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩනැඟීමට නව වසර අවස්ථාවක් කර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්ත වීමත් සිහිගන්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මාදිවෙල - බටහිර නාගරික කෘෂිකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (15) පස්වරුවේ ජනතා අයිතියට පත් විය.

අදට යෙදී ඇති ජගත් මානව හිමිකම් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත් කර තිබේ.

කෘෂි කර්මාන්තය පදනම් කරගත්, දේශීය නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පී.සී.ආර් පරීක්ෂණ සඳහා පමණක් රජය දිනකට රුපියල් කෝටි 5 ක් වැය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මහත්මා ගාන්ධිතුමන්ගේ 151 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ඊයේ 02 දින අරලියගහ මන්දිරයේදී එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.

විසි වෙනි ව්‍යාවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (29) අරලියගහ මන්දිරයේදී පැවසීය.

Latest News