ඊයේ (08) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙක් වාර්තා විය. ඉන් 12 දෙනෙක් විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් වෙයි.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (08) රාත්‍රී 08.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙක් වාර්තා විය.

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1835ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 70 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්යාඛව හැත්තෑ ලක්ෂ 825ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1819 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
කොවිඩ් 19 සමයේ, ආදායම්‌ බදු නොගෙවූ පුද්ගලයන්ගෙන්‌ දඩ මුදල් අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ට සේවක වැටුප් ගෙවීම සඳහා සහනදායී පොලියට ලබා දුන් ණය ප්‍රමාණය බිලියන 50 සිට බිලියන 150 දක්වා ඉහළ දැමීමට ද කැබිනට්‌ අනුමැනිය හිමිවුණා. මේ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගුණවර්ධන මහතා අද පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා. එමෙන්ම මෙගා වොට්‌ 300 ක විදුලිබලාගාරයක්‌, පුත්තලම ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. තවද නව ජාතික විශ්වවිද්‍යාල 5ක් ආරම්භ කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත්‌ පර්යේෂණ විශ්වවිද්‍යාලයක්‌ බවට පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 836ක් ලෙස වාර්තාවේ.

තවත් කොව්ඩ්-19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාව තුළ වාර්තාවන කොරොනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට ලක්ෂ දෙක ඉක්මවා තිබේ.

Latest News