මෙරට ආසාදිතයින් ගණන 1857ක්

ජූනි 09, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1857ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (08) රාත්‍රී 08.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙක් වාර්තා විය.

    ඊයේ දිනය තුළ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49ක්. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයින් 856ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ආසාදිතයින් 11ක් මිය ගොස් තිබේ.

    Latest News