කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මා තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 705ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දින (03) තවත් කො‍රෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමගයි. වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 172 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

කොවිඩ් - 19 හේතුවෙන් අද වන විට ලොව පුරා මියගිය සංඛ්‍යාව 239,500 ඉක්මවයි. ආසාදිතයන් ගණන මිලියන 3.4ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 690 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ තවත් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟයි. එමෙන්ම , COVID 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තතවත් රෝගීන් 8 දෙනෙකු අද (28) රෝහල්වලින් පිටව ගියේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය පිළිබඳ ප්‍ර‍තිචාර දැක්වෙන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍ර‍කාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍ර‍ධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර‍ සිල්වා මහතා විසින් ඊයේ (27) වැනි දින සිදු කෙරිණි.

ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 592ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් රෝගීන් අට දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 588 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 126 දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News