ඊයේ ආසාදිතයින් 12ක් විදේශයන් සිට පැමිණි අය

ජූනි 09, 2020

    ඊයේ (08) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් විසි දෙදෙනෙක් වාර්තා විය. ඉන් 12 දෙනෙක් විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් වෙයි.

    කුවේට්හි සිට පැමිණි පුද්ගලයින් අට දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු අතර ඔවුන් මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටි අයයි.

    තවත් සිව් දෙනෙක් චෙන්නායිහි සිට පැමිණි අය වන අතර ඔවුන් කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටි අයයි.

    ඊයේ හඳුනාගත් නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව දස දෙනෙක්. ඔවුන් ඉයක්කච්චි සහ ධම්මින්න නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි අයයි. මේ වන විට පුද්ගලයන් 990 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. එම ප්‍රතිශතය සියයට 53යි දශම 3කි.

    Latest News