ඉන්දියාවේ ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි

ජූනි 03, 2020

    ඉන්දියාව තුළ වාර්තාවන කොරොනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට ලක්ෂ දෙක ඉක්මවා තිබේ.

    ගත වූ පැය 24 තුළ පමණක් එරටින් ආසාදිතයන් 8,821 දෙනෙක් වාර්තා විය. නව ආසාදිත සංඛ්‍යාවක් සමග ඉන්දියාවේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව විසි ලක්ෂ හත් දහස් එකසිය අනූ එක් දෙනෙක්.

    ඊයේ දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ 221ත් සමග එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව පන් දහස් අටසිය විසින් නවයක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වූ සියලු ආසාදිතයන් අතරින් මේ වන විට සම්පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් දස ලක්ෂ දෙසීය අසූ පහක්. තවත් එක් ලක්ෂ එක් දහස් හැත්තෑහත් දෙනෙක් ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බදාදා, 03 ජූනි 2020 12:05

    Latest News