කොවිඩ් 19 සමයේ, ආදායම්‌ බදු නොගෙවූ අයට දඩ නැහැ (වීඩියෝ)

ජූනි 04, 2020
  • කොවිඩ් 19 සමයේ, ආදායම්‌ බදු නොගෙවූ පුද්ගලයන්ගෙන්‌ දඩ මුදල් අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ට සේවක වැටුප් ගෙවීම සඳහා සහනදායී පොලියට ලබා දුන් ණය ප්‍රමාණය බිලියන 50 සිට බිලියන 150 දක්වා ඉහළ දැමීමට ද කැබිනට්‌ අනුමැනිය හිමිවුණා. මේ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගුණවර්ධන මහතා අද පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා. එමෙන්ම මෙගා වොට්‌ 300 ක විදුලිබලාගාරයක්‌, පුත්තලම ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. තවද නව ජාතික විශ්වවිද්‍යාල 5ක් ආරම්භ කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත්‌ පර්යේෂණ විශ්වවිද්‍යාලයක්‌ බවට පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

    Latest News