ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය පිටුදැකීමට ඉහළම ප්‍රමුඛත්වය දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේ දී එකඟත්වය පළ විය.

රටට, ජාතියට සහ ආගමට ලැදි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමය තුළ නිසැකවම රටේ ආගමික සහ සාමාජයීය ප්‍රබෝධයක් ඇති වන බවට මහා සංඝරත්නය විශ්වාසය පළ කරති.

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා තායිලන්ත බෞද්ධාගමික සබඳතා තහවුරු කරමින් මෙරට බෞද්ධාගමික කටයුතු සදහා රුපියල් දස ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් කෙරේ.

අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට දැනුම් දෙයි.

රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (19) ඇරඹිණ.

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේ දී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්‍රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.

Latest News