නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කෙරේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසුකරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සඳුදා ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක් පැවරී තිබේ.

කිසිදු ආදායමක් නොලැබෙන පවුල් සඳහා ආහාර හිමිකම්පතක් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් තීන්දුවක් ගෙන තිබේ.

COVID-19 තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලයි.

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇත. සියලු සහන අද (මාර්තු 23 දා) සිට ක්‍රියාත්මකයි.

බ්‍රසීල ජනාධිපතිවරයාට "කොවිඩ් 19" වෛරසය ආසාදනය වී නොමැති බව, ඔහු ප්‍රකාශ කරයි. කොරෝනා රෝගය පිළිබඳ කළ පරීක්ෂණ වාර්තාවක් තුළින් ඔහු හට රෝගය වැළඳී නැති බව සනාථ වී තිබේ. ජනාධිපතිවරයා චෝදනා කරන්නේ මාධ්‍ය අසත්‍ය තොරතුරු ගෙන ගිය බවයි.

දුම්රිය සේවාවේ අඩු පාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ මහජනතාවට සමීප සේවයක් බවට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් අතිපූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමිපාණන් වහන්සේ පිදුම් ලැබූ සේක.

Latest News