පාසල් 542ක්, මේ වසරේ ජූනි 01 වැනිදාට ප්‍රථම ජාතික පාසල් බවට පත්කර අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් 19 මරණ සම්බන්ධව කටයුතු කිරීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සංශෝධිත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

නොවැම්බර් මස 08 වැනිදා දින සිට දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති ලබන 30 වැනිදා දක්වා වසා දැමීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ කළ බව කැබිණට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

වැල්ලවායෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් 30 වැනිදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. 

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් වසා දමා තිබූ සියලු පාසල් අද (29) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතයි.

බස්නාහිර පළතේ පාසල්වල 05,11 සහ 13 යන ශ්‍රේණි මෙන්ම බස්නාහිර හැර අනෙකුත් සියලු පාසල් වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන අද (මාර්තු 15) සිට ආරම්භ කෙරේ.

සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරුව දිවයිනේ සියලු පාසල් ලබන සඳුදා (15) විවෘත කිරීමට නියමිතයි. ඒ අනූව බස්නාහිර පළාතේ පාසල් ද විවෘත කෙරෙනු ඇති බවයි අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

Latest News