සියලු පාසල්වල 10,11,12,13 ශ්‍රේණි ලබන 08 ඇරඹීමට තීරණයක්

ඔක් 30, 2021

    නොවැම්බර් මස 08 වැනිදා දින සිට දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එමෙන්ම, සෞඛ්‍ය නිර්දේශ ලැබුනු පසු සියලු පාසල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    පවතින කාලරාමුව කළමනාකරණය කර අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීමත් විභාග පැවැත්වීමටත් අවශ්‍ය සැලසුම් මේ වනවිට සිදුකරමින් ඇති බවද සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News