වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසේ

අප්‍රේ 27, 2021

    වැල්ලවායෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් 30 වැනිදා දක්වා වසා තැබීමට පියවර ගෙන තිබේ.

    වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨ‍ාශයේ පසුගිය දා සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා 107ක් අතුරින් පී.සී.ආර් පරීක්ෂණ 53ක වාර්තා ඊයේ පස්වරුවේ දී සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබිණ.

    එම වාර්තා පනස් තුනෙන් පුද්ගලයන් 46 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී ඇත.

    ඊට අමතරව, වැල්ලවාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් පස් දෙනෙකු ද මේ වන විට කොවිඩ් ආසාදිත වී ඇති බව අනාවරණය වී තිබීම නිසා වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 30 වැනිදා දක්වා වසා තැබීමට ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරින් කටයුතු කරතිබේ.

    එම නිසා අද උදෑසන ප්‍රදේශයේ පාසල් අවට ජන ශුන්‍යය ස්වාභාවයක් ගත් අතර නගරයට පැමිණෙන ජනතාවගේ ද අඩුවක් දක්නට ලැබේ.

    Latest News