පාසල් අද ඇරඹේ...බස්නාහිර ශ්‍රේණි කිහිපයකට සීමාවෙයි

මාර් 15, 2021

    බස්නාහිර පළතේ පාසල්වල 05,11 සහ 13 යන ශ්‍රේණි මෙන්ම බස්නාහිර හැර අනෙකුත් සියලු පාසල් වල සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන අද (මාර්තු 15) සිට ආරම්භ කෙරේ.

    අධ්‍යපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධ සෞඛ්‍ය නිර්දේශ පසුගිය දා ලැබුණු බවයි.

    බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අප්‍රේල 19 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

    01 සිට 04 දක්වා ශ්‍රේණි සහ 06 සිට 10 දක්වා ශ්‍රේණි සහ 12 වන ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු එදින ආරම්භ වීමට නියමිතයි.

    Last modified on සදුදා, 15 මාර්තු 2021 08:13

    Latest News