බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි අද ඇරඹේ

මාර් 29, 2021

    කොවිඩ් -19 වෛරසය හේතුවෙන් වසා දමා තිබූ සියලු පාසල් අද (29) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතයි.

    කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මස 13 වැනි දින සිට දිවයිනේ සියලු පාසල් වසා දැමිණ.

    ඒ අනූව, අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරිම සිදුවිය. සුගිය 15 වැනි දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල පංති ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණිවල පංති අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

    පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වෙයි.

    සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

    කිසිදු බියකින් තොරව ළමුන් පාසල් වෙත එවීමට දෙමව්පියන් පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි.

    Latest News