කසල කළමණාකරණය කිරීමේ නව තාක්ෂනික ක‍්‍රමවේද හදුන්වා දෙනවා... ගෝඨාභය රාජපක්ෂ

නොවැ 12, 2019

    කසල ප‍්‍රශ්නය තව දුරටත් රටට ප‍්‍රශ්නයක් නොවන ආකාරයේ විසඳුමක් ලබාදීමට සියලූ කටයුතු සුදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ (11) පුත්තලමේ පැවැති ජන රැළියකට එක් වෙමිනි.

    කසල කළමණාකරණය කිරීමේ නව තාක්ෂනික ක‍්‍රමවේද පිළිබදව පසුගියකාලයේදි අධ්‍යයනය කිරිමටත්, කසල කළමණාකරණය කරන ආකාරය නැරඹිමටත් තමන්ට අවස්ථාව ලැබුණු බව සදහන් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා කසල හේතුවෙන් පුත්තලමේ ජනතාව පත්ව සිටින අපහසුතාවය අවසන් කරන බවද පැවසිය.  කසල පුලූස්සා විදුලිය නිෂ්පාදනය කිරීමේත්, පොහොර නිපදවීමේත් නව ක‍්‍රමවේද තිබෙන බැවින් එක් තැනක කසල තවත් තැනකට ගෙන යාමේ අවශ්‍යතාවයක් වර්ථමානයේදී උද්ගත නොවන බව කී ඒ මහතා ප‍්‍රාදේශිය සභා, නගරසභා, මහ නගර සභාවලටම තම බල ප‍්‍රදේශයේ කසල කළමණාකරණය කර ගනිමින් ආදායම් උපයාගැනීමේ ක‍්‍රමවේදය හඳුන්වා දෙන බව සඳහන් කලේය.

    එහිදි ධිවර ජනතාව සම්බන්දයෙන් ද විශේෂයෙන් අදහස් දැක්වු ඒ මහතා යුද්ධයෙන් පසුව වෙරළ ආරක්ෂක හමුදාව ඇති කිරීමට පියවර ගත්තේ ධීවරයින්ගේ හා වෙරළබඩ ප‍්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරිම සදහා යැයි පැවසීය.  ධීවර කර්මාන්තයේ යෙදි සිටින ධීවරයින්ට කිසියම් කරදරයක් ඇතිවුවහොත් ධිවරයින්ගේ ආරක්ෂාව තහුවරු කිරිමටත්, ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ධීවර කර්මාන්තයේ ආරක්ෂාව තහවුරු කිරිමටත් රජයක් වශයෙන් එදා අවශ්‍ය පියවර ගත්තේ වෙරළ ආරක්ෂක හමුදාවේ සහායෙන් බවද ඒ මහතා පැවසීය.

    ඒ අනුව ඉදිරියේදි ධීවර කර්මාන්තයේ දියුණූවට මෙන්ම ධීවර ජනතාවගේ ආර්ථිකය දියුණු කිරිම සඳහාත් අවශ්‍ය පියවර රජයක් වශයෙන් ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

    කොළඹ ප්‍රදේශයේ කුණු කසල පුත්තලමේ අරුවක්කාලු කසල අංගණයේ තැන්පත් කිරිමට අවශ්‍ය මුලික සැලසුම් සකස් කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ නාගරික සංවර්ධන අධිකරියේ සභාපතිව සිටියදි. එ අනුව කොළඹ එකතුවන කසල දුම්රිය ගැල් මගින් පුත්තලමට ගෙනයාමට තිරණය කර තිබිණ. මේ වන විට විශාල පිරිවැයක් දරා පුත්තලම අරුවක්කාලු කසල අංගනය ඉදිකර ඇති අතර කොළඹ කසල ටිපර් රථ මගින් පුත්තලමට ගෙන යාම සිදුවේ.

    Latest News