ගෝඨාභය රාජපක්‍ෂ අතිවිශිෂ්ඨ ජයක් තහවුරු කරමින් 7 වැනි විධායක ජනාධිපතිධූරයට

නොවැ 17, 2019

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත් වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් නම් කරනු ලැබිණ.

    මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත වලංගු ඡන්ද වලින් ඡන්ද 6,924,255 ලබාගැනීමට ඔහුට හැකිවිය.

    එය මුළු ඡන්ද ප්‍රතිශතයෙන් 52.25%ක් වේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිවාදී අපේක්‍ෂක ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5,564,239 කි. ඒ අනුව ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට වඩා වැඩි ඡන්ද 1,360,016ක් ලබා ගැනිමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමත්විය.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 18:55

    Latest News