ගෝඨාභයගේ අමෙරිකානු පුරවැසිභාවය ගැන නාමල්ගෙන් පිළිතුරු

නොවැ 10, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව වැරදි ප්‍රචාරයක් ගෙන යන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

    නාමල් රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රතිචාරයට හේතුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ ඊයේ (09) රාත්‍රී සිය ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කළ පණිවුඩයකි. එහි සඳහන් වන්නේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ නවතම නාමලේඛනයේ ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බවයි. ඒ අනුව නියම ශ්‍රී ලාංකික පුරවැසියෙකු හා අමෙරිකානු පුරවැසියෙකු අතර පවතින ජනපති සටනක් බවට 2019 ජනාධිපති සටන පත්ව ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    harintwitt_px_900_19_11_09.jpg

    ඊට පිළිතුරු ලෙස නාමල් රාජපක්ෂ මහතා මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

    “පොදුජන පෙරමුණෙහි ජනපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක්සත් ජනපද පුරවැසිභාවය පිළිබද එක්සත් ජාතික පක්ෂය විසින් කාලයක් පුරාවට ගෙනයන ලද බොරු ප්‍රචාරයට මෙන්න සාක්ෂි සහිතව පිළිතුරු, ඉදිරි දින කිහිපය සදහා ජනතාව මුලා කිරීමට දැන් එක්සත් ජාතික පක්ෂයට තවත් බොරුවක් සොයා ගැනීමට සිදුවනු ඇත.”

    gota-citizen2.jpg

    එම ප්‍රතිචාරයට නැවත පිළිතුරු දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති පුරවැසිභාවය අහෝසි කිරීමේ සහතිකය මින් පෙරද ඉදිරිපත් කර තිබූ බවයි. නමුත් එය එසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම නීත්‍යනුකූල නාමලේඛනයේ ඇතුලත් නොවන හේතුව දක්වන ලෙස අමාත්‍ය හරීන් සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

    gota-citizen3.jpg

    මේ අතර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ද මේ පිළිබඳව සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබිණ. එමෙන්ම විවිධ පාර්ශව විසින් මෙම සිදුවීම මුල්කර ගනිමින් Facebook තුළ අදහස් පළ කර තිබේ.

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 10:37

    Latest News