ජනපති මෛත්‍රීගෙන් ගෝඨාභය රාජපක්‍ෂට උණුසුම් සුභපැතුම්

නොවැ 17, 2019

    7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැණුනු ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පණිවුඩයක් නිකුත් කරමින් සුභපැතුම් පිරිනමයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දින රාජකාරී අවසන් කරමින් ජාතිය අමතා ප්‍රකාශ කළේ නව ජනපතිගේ අරමුණු සහ පරමාර්ථ රට වෙනුවෙන් ජය ගැනීමට ආශිර්වාද කරන බවයි.


    සාර්ථකව ජනාධිපතිවරණය පැවැත්වීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවට සුබ පතන බවද ඔහු සදහන් කර තිබේ. ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ එම සියලු දෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටු කළ වගකීම් හෙට දිනයේ ද ඉටු කිරීම අධිෂ්ඨානය බවයි.

     

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 18:16

    Latest News