නව ජනපතිට විදෙස් රාජ්‍ය නායකයින්ගෙන් සුබ පැතුම්

නොවැ 18, 2019

    ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විදෙස් රාජ්‍ය නායකයින් තවදුරටත් සුබ පැතුම් එක් කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු වන පකිස්තානය ද නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    නව ජනාධිපතිවරයා සමග දෙරටේ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තුවන බව, පකිස්තාන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්. නව ජනාධිපතිවරයා යටතේ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සහ සාමකාමී අනාගතයක් කරා ගමන් කරනු ඇතැයි, පකිස්තාන රජය බලාපොරොත්තු පළ කරයි. එසේම නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ කැපවීම පකිස්තාන රජය අගය කර සිටියි.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 07:58

    Latest News