නව ජනපති ගෝඨාභයට ඉන්දිය අගමැති මෝදිගෙන් සුබ පැතුම්

නොවැ 17, 2019

    ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබපැතුම් එක් කර ඇත.

    ඔහු පෙන්වා දෙන්නේ සාමය හා සෞභාග්‍යය හා කලාපීය ආරක්‍ෂව සදහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට තේරී පත්ව ඇති නව ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.

    සාර්ථකව ජනාධිපතිවරණය පැවැත්වීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවට සුබ පතන බවද ඔහු සදහන් කර තිබේ.

    දෙරට අතර සබදතා ශක්තිමත් කිරීම සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමට අපේක්‍ෂා කරන බවද ඉන්දීය අගමැතිවරයා පෙන්වා දෙයි.

    ඉන්දීය අගමැතිවරයාගේ සුබ පැතුමට ප්‍රතිචාර දක්වමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පල කර ඇත. දෙරටේ ඓතිහාසික සබඳතාවයන් සමඟ මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අපේක්‍ෂ කරන බවද රාජපක්‍ෂ මහතා සදහන් කර තිබේ. එසේම මෝදි අගමැතිවරයාව අනාගතයේ දී හමුවීමට අපේක්‍ෂා කරන බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වා දෙයි.

    මේ අතර හිටපු මාලදිවයින ජනාධිපති Maumoon Abdul Gayoom ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කොට ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබේ.

    Latest News