මහේෂ් සේනානායකගෙන් අභිනව ජනපතිට සුභාශිංසන (වීඩියෝ)

නොවැ 18, 2019

    ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන පිරිනමන බව ජනාධිපතිවරණ අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසයි.

    අද(18) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ සේනානායක මහතා තමන්ගේ ප්‍රතිපත්ති මාලාවක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වුවත් තම දේශපාලන කටයුතු ඉදිරියටත් සිදු කරන බව සඳහන් කළේය.

    ඒ අවස්ථාවේ ඔහු දැක්වූ අදහස්...

    “අප මෙහිදී 2019 ජනාධිපතිවරණය ප්‍රථමයෙන්ම ජයග්‍රහණය ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මම මගේ සුභාශිංශන ඉදිරිපත් කරනවා. ඔහුගේ ප්‍රතිපත්ති මාලාවේ තිබෙන්නා වූ ධනාත්මක සහ හොඳ දේවල් වෙනුවෙන් අපි සහය දැක්වීමට වුවත් අපි ඒගැන ධනාත්මක තමයි සාකච්ඡා කරන්නේ. මම හිතනවා ඔහුට ඒ ධෛර්ය ශක්තිය තිබේ යැයි ඔහු ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මාලාව තුළින් මෙරටට අවශ්‍ය සිදුකරන්නට. ඊලඟට මම මෙවර මැතිවරණයේදී පත්වුණේ නිර්පාක්ෂක ඡන්ද අපේක්ෂකයෙක් වශයෙන්. එහිදී විදුලි බුබුල යටතේ තරග කළ මා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ මේ රටේ ජනතාවට සහෝදර සහෝදරයන්ට මගේ ප්‍රශංසාව පිළිගන්වනවා. ඔවුන් අපගේ කණ්ඩායම කෙරෙහි තැබූ ඒ විශ්වාසය තුළින් අපි තවත් ජව සම්පන්න ශක්තිමත් වෙලා ඉදිරියට ගමන් කරනවා මිස අපගේ මේ නැවතීම නොවේ.

    ඒ කණ්ඩායම් හැඟීම් එකතු වීම වැදගත් වෙනවා මේ රට වෙනස් කිරීම සඳහා මේ රටේ දේශපාලන සංස්කෘතිය මෙරට ක්‍රියාත්මක වූ ක්‍රමවේදයන් වෙනස් කිරීම සඳහා ඔවුන් අපට ශක්තියක්. අපි ඉතාමත් කෙටි කාලයකදී අපි මේ ලැබූ ජයග්‍රහණය අපිට ශක්තියක් මිස පසුබෑමට හේතුවක් නෙවෙයි. පැහැදිලිවම එය ලබාගත් ශක්තිය තුලින් ගමන් කරමින් සිටින්නේ. මේ ලැබූ ජයග්‍රහණය අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව ඒ ශක්තියෙන් ඉදිරි මැතිවරණ සඳහා විශේෂයෙන්ම පැවැත්වෙන මහ මැතිවරණයේදී මෙම කණ්ඩායම ශක්තිමත් කරමින් නැවත එකතු කරමින් තරුණ නායකත්වය මේ තුළට ගෙන එමින් බුද්ධිමතුන් වෘත්තිකයින් මේතුලට ගෙන එමින් තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා..” යැයි ප්‍රකාශ කළේය.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 18:31

    Latest News