update- (2020.03.23 පෙ.ව 11.15)

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1754ක් හා යතුරුපැදිය,ත්‍රීරෝද රථ ඇතුළු අනෙක් වාහන 447ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දිස්ත්‍රික්ක 8කට හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරිණ. එය දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කුඹුරු,කුඩා තේ වතු,අපනයන බෝග ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ට ඇඳිරි නීති කාලයේ සිය කටයුතු බාධාවකින් තොරව කරගෙනයෑමට අවසර ලබා දී තිබේ. නිරෝධායන රෙගුලාසිවලට යටත්ව අවසර ලබාදෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධව පුද්ගලයින් 790 දෙනෙකු හා යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 154ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, වව්නියාව,මුලතිව්,කිලිනොච්චි හා යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අගහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ.

ඇඳිරිනීතිය ඉවත් කරන කාලසීමාවේ අනවශ්‍ය ලෙස වෙළෙඳසැල් අසළ එක් රැස්වීමෙන් වළකින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් මේ දක්වා 340කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. 

දිවයිනටම බල පැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 118 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ එය කළ කළ පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

Latest News