දිස්ත්‍රික්ක 8කට හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවතට

මාර් 23, 2020

    දිස්ත්‍රික්ක 8කට හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරිණ. එය දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 තෙක් ක්‍රියාත්මකයි. එම දිස්ත්‍රික්කවලට හෙට පස්වරු 2.00 සිට යළි ඇඳිරිනීතිය පැනවීමට නියමිතයි.

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක 8 හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට රජය සියලු පියවර ගෙන තිබේ. ඇඳිරිනීතිය අවසන් වූ වහාම සෙසු දිස්ත්‍රික්කවලට ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි, රජය පවසයි.

    ලංකා සතොස සිය තොග අලෙවිසැල්වලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සිල්ලර අලෙවිසැල් ජාලා වෙත බෙදා හැරීම පසුගිය දින දෙකේ දී සිදු කෙරිණ.

    Last modified on සදුදා, 23 මාර්තු 2020 08:07

    Latest News