පුත්තලම අවට පැනවූ ඇඳිරි නීතිය උදෑසන 8.00ට තාවකාලිකව ඉවතටපුත්තලම,හලාවත සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ සඳහා පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු 8.00ට තාවකාලිකව ඉවත් කෙරේ. එය පස්වරු 2.00 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි, පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

වයඹ පළාතට සහ ගම්පාහ පොලිස් කොට්ඨාසය අද රාත්‍රී 07.00 සිට හෙට උදෑසන 04.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

රටපුරා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක අවස්ථාවල දී ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති වාහනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ.

ඊයේ (24) රාත්‍රී 10.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (25) අළුයම 4.00ට ඉවත් කෙරිණ.

Latest News