කුඩා තේවතු හා කුඹුරු ගොවිතැනට ඇඳිරි නීති කාලයේ අවසර

මාර් 22, 2020

    කුඹුරු,කුඩා තේ වතු,අපනයන බෝග ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ට ඇඳිරි නීති කාලයේ සිය කටයුතු බාධාවකින් තොරව කරගෙනයෑමට අවසර ලබා දී තිබේ. නිරෝධායන රෙගුලාසිවලට යටත්ව අවසර ලබාදෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.

    පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල එම බල ප්‍රදේශ හරහා ගමන් කරන අත්‍යවශ්‍ය සේවා හා මාධ්‍ය සේවා සඳහා පමණක් අවසර දෙනු ලබන අතර ඔවුන් අදාළ අයතන මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය වශයෙන් භාවිත කළ හැකියි.

    එමනේම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගමන් ගන්නා ගුවන් මගීන් සඳහා ගුවන් ටිකට්පත ඇදිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 18:33

    Latest News